පර්යේෂණ සහ නව සොයාගැනීම් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයට Leave a Comment / Uncategorized / By vrc ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයත්, විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ ආයතනයන් ද සම්බන්ධ කරගනිමින්, ඔවුන්ගේ නව පර්යේෂණ සහ නව සොයාගැනීම් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයට යොදා ගැනීමේ අරමුණින් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදි. අමාත්‍යංශ ලේකම් එම්.ඒ.බී.වී බණ්ඩාරනායක මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මේ සඳහා අත්සන් තැබීය.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ කණ්ඩායමක් විසින් කෙයොලින් මැටි ආශ්‍රිතව පර්යේෂණයක් සිදුකර ඇති අතර එම පර්යේෂණයේ අවසන් ප්‍රතිඵලය වශයෙන් මෙම කෙයොලින් මැටි භාවිතයෙන් මැටි කර්මාන්තය, රූපලාවන්‍ය ක්ෂේත්රය හා බතික් කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා උසස් තාක්ෂණයන් සොයාගෙන ඇත.එම තොරතුරු අනුව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එක්ව මෙම නව සොයා ගැනීම් සහ නව තාක්ෂණය සමාජ ගතකිරීමටත්, එය කර්මාන්ත සදහා ලබා දීමෙන් එම කර්මාන්ත වල ප්‍රමිතිය සහ ගුණාත්මක බව ඉහල නංවමින් නව විදේශ වෙළඳපොල අවස්ථා ලබා ගැනීමටත් හැකි වන බව විදාතා අපගේ විශ්වාසයයි. Please follow and like us: