ව්‍යවසායකයින් 14,000 ක් බිහි කිරීමේ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ ආසනයේ ප්‍රතිලාභී කර්මාන්තකරුවන් වෙත තාක්ෂණික උපකරණ බෙදා දීම Leave a Comment / Uncategorized / By vrc ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයින් 14,000 ක් බිහි කිරීමේ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ ආසනයේ ප්‍රතිලාභී කර්මාන්තකරුවන් වෙත තාක්ෂණික උපකරණ බෙදා දීම පසුගියදා උඩුගම්පොල ‘රෙජි රණතුංග සමරු සම්මන්ත්රණ ශාලාවේ’ දී සංචාරක කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව සිදු විය.ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීමට ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකත්වයක් ගොඩ නැංවිය යුතුය.යැපුම් මානසිකත්වයක් ඇති තාක් කල් අපිට ජාතික ආර්ථිකයේ අපේක්ෂිත ඉලක්ක ග්‍රාමීය ආර්ථිකය තුලින් ලඟා කරගත නොහැක. එබැවින් අපගේ අමාත්‍යාංශය තැබූ මෙම පියවර දිනෙන් දින සාර්ථකවීම දක්නට ලැබීම සතුටකි.ප්‍රතිලාභීන්ට අවශ්‍ය පුහුණුව සහ අනෙකුත් උපදේශකත්වය විදාතා මධ්‍යස්ථාන හරහා නිලධාරීන් කණ්ඩායම විසින් සපයනු ලබයි. පසුවිපරම් ක්‍රියාව පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. Please follow and like us: