එක් ගමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙක් බිහි කිරීමේ වැඩසටහන යටතේ උපකරණ බෙදා දීමේ තවත් අදියරක් මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී Leave a Comment / Uncategorized / By vrc එක් ගමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙක් බිහි කිරීමේ වැඩසටහන යටතේ උපකරණ බෙදා දීමේ තවත් අදියරක් මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී සාර්ථකව සිදුවිය. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ගම තුළ ඇති සම්පත් කළමනාකරණය වඩාත් ඵලදායි ලෙස සිදු කිරීම රජයේ අපේක්ෂාවයි. ගම තුළ සිටින හැකියාවෙන් පිරිපුන් කණ්ඩායම් හඳුනා ගැනීම එහිදී අතිශය වැදගත් වන අතර ඔවුන්ගේ අවශ්‍යතාවයද එලෙසම කළමනාකරණය කල යුතුය.ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයින් 14,000 ක් බිහි කිරීමේ සංකල්පය අප කල එළි දක්වන්නේ ඒ වෙනුවෙනි. ඔවුන්ට අවශ්‍ය පුහුණුව, දැනුම සේම අනෙකුත් උපකරණ සපයා දී සාර්ථක ව්‍යවසායකයින් කිරීමට තැබූ පියවරයන් ඉතා සුබවාදීව දිනෙන් දින පෙරට යනු දැකීම සතුටකි. Please follow and like us: