එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරීමේ වැඩසටහන යටතේ උපකරණ බෙදා දීමේ තවත් අදියරක් කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී Leave a Comment / Uncategorized / By vrc නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිය කොවිඩ් – 19 වැනි කුමන අභියෝග හමුවේ වුවද ජයගත යුතුය. ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිබල ගැන්විය හැක්කේ එවිටය. ඒ සඳහා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ විදාතා අංශය මඟින් යෝජිත, එක් ග්‍රාම නිලධාරී වසමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙක් වැඩසටහන දිනෙන් දින සාර්ථක වනු දැකීම ඉමහත් සතුටකි. ඒ අනුව විදාතා නිලධාරීන් විසින් හඳුනාගත් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් පිරිසකට උපකරණ බෙදා දීම කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව සිදු විය. Please follow and like us: